
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් උෂ්ණාධික ආබාධයකට ලක්ව අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය නැරඹීමට ෂාරුක් අහමදාබාද් නුවරට පැමිණ සිටියේ අඟහරුවාදා ඔහුගේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරඟය වෙනුවෙනි.
“ෂාරුක් අහමදාබාද්හි සෙල්සියස් අංශක 45 ක අධික උෂ්ණත්වයක් මධ්‍යයේ විජලනය වීමෙන් පීඩා විඳිමින් සිටියේය. ඔහුගේ සෞඛ්‍යය ස්ථාවර වුවද ඔහු වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටී. රෝහල වටා ආරක්ෂාව තර කර ඇත,” යැයි ප්‍රවෘත්ති ඒජන්සිය IANS වාර්තා කරයි.
ෂාරුක්ගේ හිතවත් මිතුරියක් සහ නිළියක් වන ජුහි චව්ලා ඔහු බැලීමට රෝහලට ගොස් ඇත.
රෝහලෙන් නිල ප්‍රකාශයක් ළඟදීම බලාපොරොත්තු වන බව පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart