
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැකකටයුතු ලෙස මියගිය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කොළඹ 05, ජාවත්තේ පිහිටි ඔවුන්ගේ පවුලේ සුසාන භූමියේ තැන්පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ ඥාතීන්ට අවසර ලබාදී තිබේ.
මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ වූ අවස්ථාවේදී අගතියට පත් ෂාෆ්ටර්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ විනෝජ් රත්නායක, නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ නීතිඥ මොහාන් බාලේන්ද්‍රන් යන පිරිස පවුලේ සාමාජිකයන්ගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ඔහුගේ දේහය ආදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙසය.
කෙසේවෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පත්කළ විශේෂ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව මෙතෙක් සකස්කර නොමැති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරිය දේහය ආදාහනය කිරීම වෙනුවට මිහිදන් කිරීමට නියෝග කර තිබේ.
ඒ අනුව, ෂාෆ්ටර්ගේ පවුලේ ඥාතීන් ඔහුගේ දේහය කොළඹ 05, ජාවත්තේ පිහිටි ඔවුන්ගේ පවුලේ සුසාන භූමියේ මිහිදන් කිරීමට එකඟ වී ඇත.
පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ නොකළ අතර, වැඩිදුර පරීක්‍ෂණ ඔක්තෝබර් 31 වැනිදාට කල්තැබිණි.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් 2022 දෙසැම්බර් 15 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී ඔහුගේ මෝටර් රථයේ ගැටගසා සිටියදී සොයා ගනු ලැබූ අතර, පසුවදා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.
ෂාෆ්ටර්ගේ දේහය 2023 මැයි 25 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ ගොඩගනු ලැබුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් වෙනුවෙනි.
ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරිය විසින් මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ ප‍්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් ද පත්කර තිබිණි.
එම වාර්තාවේ කටයුතු මෙතෙක් අවසන් වී නැත.
මේ නිසා, සැකකටයුතු ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මිහිදන් කිරීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙස මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඒ අනුව, දේහය ඔහුගේ පවුලේ අයට භාරදීමට නියමිතව ඇත්තේ මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සහ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්.රුවන්පුරගේ අධීක්‍ෂණය යටතේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart