
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘Serenade of the Seas’ නැමැති නෞකාව පසුගිය සඳුදා (29) පළමු වරට හම්බන්තොට අන්තර්ජාතික වරායට යාත්‍රාකර තිබේ.
මගීන් 1,950ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 890ක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාව 2024 වර්ෂය සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ දසවැනි නෞකාවයි.
2003 දී දියත් කරන ලද ‘Serenade of the Seas’ යනු ගෝලීය නැව් සමාගමක් වන Royal Caribbean International විසින් දුර බැහැර විදේශීය ගමනාන්ත වෙත ගමන් කිරීම සඳහා ඉදිකරන ලද රේඩියන්ස් පන්තියේ යාත්‍රාවලින් එකකි.
වරාය විසින් නෞකාව පිළිගනු ලැබුවේ සමරු ඵලක පිළිගැන්වීමක් ද සමඟිනි.
හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහයේ නිලධාරීන් සහ දේශීය යාත්‍රා නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.
එම යාත්‍රාව මීළඟට කොළඹ වරායට සේන්දුවීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart