
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය වාර්තා කළ ජ්‍යෙෂ්ඨ ඉන්දීය ජනමාධ්‍යවේදී බී.මුරලිදර් රෙඩ්ඩි අභාවප්‍රාප්තවී තිබේ.
ද හින්දු පුවත්පත වාර්තා කළේ, ද හින්දු පුවත්පතේ දිල්ලි කාර්යාංශයේ දශක තුනකට ආසන්න කාලයක් සේවය කළ සහ පුවත්පතේ පකිස්ථාන සහ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළ රෙඩ්ඩි සංකූලතා කිහිපයක් හමුවේ පීඩාවිඳිමින් සිටියදී සෙනසුරාදා රාත්‍රියේ දිල්ලි රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවයි.
පුළුල්ව ගෞරවාදරයට පාත්‍ර වූ ජනමාධ්‍යවේදියකු වන 64 හැවිරිදි රෙඩ්ඩි, 1980 ගණන්වල ද හින්දු පුවත්පත එහි දිල්ලි සංස්කරණය දියත් කරන විට නගර වාර්තාකරුවකු ලෙස සේවයට එක්විය.
දේශපාලන වාර්තාකරුවකු ලෙස ඔහු පුවත්පත සඳහා ප්‍රධාන සිදුවීම් රාශියක් ආවරණය කර ඇත.
1992 දෙසැම්බරයේ කුප්‍රකට බබ්රි මස්ජිදය කඩාදැමීම ගැනද ඔහු වාර්තා කළේය.
ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන අදියරේදී මුරලිදර් රෙඩ්ඩි ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන පුවත් වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart