
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.13 වන දින පාදුක්ක පොලිස් වසමේ අංක 14,B/1 අංගමුව, පාදුක්ක ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදී කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 10 ක් සන්තකයේ තබාගෙන සිටි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන ‘මැණිකා’ ලෙස හඳුන්වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart