
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
T20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතය පිළිබඳ විශ්වාසය තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තරගාවලිය සඳහා අවශ්‍ය පිතිකරණ බලය කණ්ඩායම සතු බවයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් අමතමින් උපුල් තරංග පැවසුවේ ඔවුන්ගේ වත්මන් දස්කම් මෙන්ම කණ්ඩායම ශක්තිමත් කිරීමට දායක විය හැකි අතිරේක දස්කම් ද සැළකිල්ලට ගෙන සංචිතය තෝරාගෙන ඇති බවයි.
උපුල් තරංග මේ බව ප්‍රකාශ කළේ ජාතික සංචිතයෙන් භානුක රාජපක්ෂ සහ කුසල ජනිත් පෙරේරා ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ධනජය ද සිල්වා පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද ප්‍රබලව සිටින නිසාත් ඔහුගේ අවසන් දස්කම් සහ ප්‍රතිඵල අනුව කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගත් බවත් ඔහු පැවසීය.
කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීම සම්බන්ධයෙන්, තරංග පැවසුවේ,ඔහුට සංචිතයේ ස්ථානයක් වෙන්කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් තරඟ කිහිපයේදී ඔහු හොඳින් දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.
“අපි අන්තිම මොහොත වෙනකම් බලාගෙන ඉඳලා සාකච්ඡා කළා. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. පුහුණුකරුවන්ගේ සහ නායකයාගේ සංචිත අවශ්‍යතා ද සැළකිල්ලට ගන්න අපට සිදුවුණා. මෙම අවශ්‍යතා මත 15 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගත්තා” යනුවෙන් තරංග පැහැදිලි කළේය.
තෝරාගත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතය කෙරෙහි විශ්වාසය පළ කළ තරංග පෙන්වා දුන්නේ කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, වනිඳු හසරංග සහ දසුන් ශානක වැනි ක්‍රීඩකයන් නිසැකවම ප්‍රතිඵල ලබාදෙනු ඇති බවයි.
භානුක රාජපක්ෂ, 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට තෝරා නොගත්තද, තරඟාවලිය සඳහා සංචාරක සංචිතයක් ලෙස එක්සත් ජනපදයට යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart