
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ උදාකර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව තිරසර, නවීන සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත්කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ප්රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
සමරු ඵලකය නිරාවරණය කරමින් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනන්‍ය ‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීමද මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස සැලකෙන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානය ලෙස සැලකේ. මෙහි පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙහිදී, උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, දුම්රිය සේවාව නොසලකා හැරීම සහ පැරණි දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට දුම්රිය සේවකයින් පත්වීම මෙරට ගුණාත්මක දුම්රිය සේවාවක් ගොඩනැඟීමේදී අභියෝගයක්ව පැවතී බවයි.
ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරන ප්‍රධාන මාධ්‍යයක් වූ දුම්රිය සේවය පිළිබඳ ජනතා විශ්වසනීයත්වය ගොඩනඟමින් සක්‍රීය සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වා ගැනීමත්, සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනයත් අරමුණු කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති, මගීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනා එක් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදීද සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart