
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහියංගණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහරට සහභාගි කරවීමට රැගෙන විත් සිටියදී, වනජීවි රාජකාරියේ යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමෙන් උණ්ඩ 07ක් සීතා ඇතින්නගේ හෘදය වස්තුවට ඉහළින් ශරීරයට ඇතුළු වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.
ඇතින්නගේ ඉදිරි වම් පාදයේ ඉහළ කොටස ආසන්නයෙන් සම පසාරු කරගෙන ඇතුළු වී තිබෙන වෙඩි උණ්ඩ ශරීර අභ්‍යන්තරයේ කෙතරම් දුරට ගමන් ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළැඹිය හැකි වන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පසුව බව ද මහාචාර්යවරයා සඳහන් කරයි.
පවතින තත්වය තුළ සිහි නැතිකර සීතා ඇතින්නට ප්‍රතිකාර කිරීමට නොහැකි බවද දංගොල්ල මහාචාර්යවරයා පවසයි.
ශරීරය තුළට ඇතුළු වී තිබෙන වෙඩි උණ්ඩ මගින් ඇතින්නගේ හෘදය වස්තුවට හානියක් සිදුව ඇත්නම් යළි සිහිය ගැනීමට නොහැකිවීම මෙම තත්ත්වයට හේතුව බව ද හෙතෙම පෙන්වාදෙයි.
මේ වන විට ඇතින්න සාමාන්‍ය පරිදි ආහාර ලබා ගත්ත ද ඉදිරි දින තුනේදී සතාගේ තත්ත්වයේ යම් වෙනසක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බව මහාචාර්ය දංගොල්ල වැඩිදුරටත් සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart