
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික හමුදා සෙබළකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන නීතිපති පාරින්ද රණසිංහගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.
යාපන අර්ධද්වීපයේ කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සිදුකළ මෙහෙයුමකදී පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයකු ජීවිතක්ෂයට පත්විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ සැකකරුවන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වැඩබලන නීතිපතිවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මෙය මිනීමැරුමක්ද යන්න පළමුව තීරණය කළ යුතු බැවින් අදාළ පරීක්ෂණ මගින් ලැබෙන ප්තීරණය අනුව ඔවුන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය උපදෙස් වැඩබලන නීතිපතිවරයා විසින් ලබාදෙනු ඇති බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව පවසයි.
නාවික හමුදාව ප්‍රකාශ කර තිබුණේ එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඉන්දීය ධීවර යාත්‍රාවේ ආක්‍රමණශීලී අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අදාළ නාවිකයා මිය ගිය බවයි.
මේ වන විට අත්අඩංගුවේ පසුවන ධීවරයන් එම මරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart