
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා කැඳවමින් ඇති බවඑම අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ බුද්ධි වාර්තා මත පදනම්ව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන ජනරැළි පැවැත්වීමට දින කිහිපයක සිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා කැඳවා අධ්‍යනය කරන බවද පැවැසේ.
ඊට අමතරව අදාළ අපේක්ෂකයා එම ජන රැළියට සහභාගී විමට පැය කිහිපයකට පෙර යළිත් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කරගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
එවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ, ජනාධිපති අපේක්ෂකයන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇතැයි, අමාත්‍යාංශය පෙන්වාදෙයි.
කෙසේවෙතත්, ඊයේ මැතිවරණ කොමිසමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ නියෝජිත රේණුක පෙරේරා පැවසුවේ, නාමල් රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට තර්ජන එල්ල වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart