
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞදි අරාබිය විසින් අරමුදල් සපයන ගෝලීය විස්සයි20 ක්‍රිකට් ලීගයක්(තරගාවලියක්) සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ.
මෙම තරගාවලිය ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකුගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කණ්ඩායම් අටකින් යුත් මෙම ක්‍රිකට් ලීගය, වසරක් තුළ විවිධ ස්ථාන හතරක තරඟ පැවැත්වීමට සැලසුම් කෙරේ.
ලීගයේ ප්‍රධාන අරමුදල් සැපයුම්කරු වන්නේ, තෙල්වලින් පොහොසත් සෞදියේ ක්‍රීඩා අංශය වන ‘සෞදි අරාබියේ SRJ ක්‍රීඩා ආයෝජනය’යි.
ඒ පිළිබඳ සාකච්ඡා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සිදුවෙමින් පවතින බව පැවැසේ.
මෙම සංකල්පය වසරක් තිස්සේ රහසිගතව ක්‍රියාත්මක වන අතර ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් විසින් එය කළමනාකරණය කරන බවත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සහ ඕස්ට්‍රේලියානු ප්‍රබලයකු වන නීල් මැක්ස්වෙල්ගේ සංකල්පයක් අනුව ආරම්භ වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart