
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109 කින් සම්මත විය.
දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම සවස 6.10 ට පමණ පැවති අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 155 ක් සහ විරුද්ධව ඡන්ද 46 ක් ප්‍රකාශ විය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත 2025 පෙබරවාරි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පෙබරවාරි 18 වැනි දින සිට මේ දක්වා (25) විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) විවාදය දින 7 ක් පැවැත්විණි.
කාරක සභා අවස්ථාවේ විවාදය 2025 පෙබරවාරි 27 වැනි දින සිට මාර්තු 21 වැනි දින දක්වා දින 19 ක් පුරා පැවැත්වේ.
ඒ අනුව, 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි දින සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart