
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භාවිත කළ හෙවත් ‘සෙකන්ඩ් හෑන්ඩ්’ මෝටර් රථවල මිල ගණන් ඉදිරියේ දී බොහෝ දුරට අඩුවනු ඇති බව එම කර්මාන්තයේ සිටින විශ්ලේෂකයන පෙන්වා දී තිබේ.
ඊට නිදසුනක් ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ සංචාරක ව්‍යාපාරය සඳහා ආනයනය තරමක් ලිහිල් කිරීමෙන් පසු, භාවිත කළ වෑන් රථ සඳහා ප්‍රචාරණය කර තිබෙන නව මිල ගණන් තියුණු ලෙස අඩු වී තිබීමයි.
සංචාරක ක්ෂේත්‍රයේ භාවිතය සඳහා ආනයනය කිරීමට රජය අවසර දීමත් සමග Toyota Lanka විසින් නව HiAce මගී වෑන් රථ 750ක් විකිණීම සඳහා ඉරිදා දැන්වීම් පළකර තිබිණි.
එහිදී ඔවුන් දක්වා තිබු මිලගණන් වෑන් රථ සඳහා තරු පෙනෙන මිල ගණන් ලබා දුන් අලෙවිකරුවන් මවිතයට පත් කර තිබේ.
ආසන 13කින් යුත් ස්වයංක්‍රීය HiAce රථයක මිල ඔවුන් රුපියල් මිලියන 16කට ලැයිස්තුගත කර තිබිණි.
එයකිලෝමීටර් 48,000ක් ගමන් කළ වසර පහක් පැරණි HiAce රථ සඳහා පසුගිය දිනවල සඳහන් කර තිබූ රුපියල් මිලියන 32.5ක මිලෙන් අඩකට ආසන්නය.
විවිධ වයස්වල HiAce වෑන් රථ තවමත් මාර්ගගත වෙළඳපොළ ස්ථානවල රුපියල් මිලියන 14 සිට 23 දක්වා මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවට දක්වා තිබේ.
Toyota හි විකුණුම්කරුවකු සඳහන් කර ඇත්තේ නවතම වෑන් රථයකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 7.0ක බදු මුදලක් ඇතුළත් බවයි.
සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි පුද්ගලයන්ට මෙම වෑන් රථ ආනයනය කළ හැකිය.
කර්මාන්ත විශ්ලේෂකයන් පවසන පරිදි මිල ගණන් පහළ යෑමට බලපෑ හැකි වෙනත් සාධක ද තිබේ.
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගියහොත් ජපානයෙන් ආනයනය කරන මෙම වාහනවල ආනයන මිල තවදුරටත් අඩුවිය හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව මේ වසරේ පමණක් ශ්‍රී ලංකා රුපියල යෙන් මුදල්වලට සාපේක්ෂව සියයට 20කින් ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර රජය වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි යන උපකල්පනය සමහර අනාගත ගැනුම්කරුවන්ට බලා සිටීමට ඉඩ සලසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart