
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිසුන් යනු බයිබලයේ ඇතුළත් චරිත වන ආදම්ගෙන් සහ ඒවගෙන් පැවත එන්නන් බවට යෝජනා කරන සාක්ෂි වර්ධනය වෙමින් පවතින බව විද්‍යාඥයෝ පවසති.
මෙම පුද්ගලයන් දෙදෙනාගේ පැවැත්ම පිළිබඳව බොහෝදෙනා තර්ක කරන අතර ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් ආගම්වලදී පැවසෙන්නේ, ආදම් සහ ඒව දෙවියන් විසින් මවා මනුෂ්‍ය වර්ගයා බිහිකළ බවයි.
කෙසේවෙතත් විද්‍යාඥයන් දැන් පවසන්නේ, බයිබලයේ පිටුවලින් ඔබ්බට ඊඩ්න් උයනේ පැවැත්ම සම්බන්ධයෙන් සාක්ෂි ඇති බවයි.
පුරාවිද්‍යාඥයන් විසින් ඊදන් උයන හුදෙක් මිථ්‍යා ස්ථානයක් පමණක් නොව මානව ශිෂ්ටාචාරයේ තොටිල්ලක් වූ බවට ඉඟි සොයාගෙන ඇතැයි ද ඔවුහු පවසති.
ඒ අනුව විදෙස් ජනමාධ්‍ය පවසන පරිදි, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, අද ඉරාකයේ බොහෝ ප්‍රදේශ සහ සිරියාව, ඉරානය සහ තුර්කිය යන ප්‍රදේශවලින් සමන්විත පුරාණ මෙසපොතේමියාවේ ඊඩ්න් උද්‍යානය පිහිටි බවයි.
එමෙන්ම විද්‍යාඥයන් පවසන්නේ, සියලුම මිනිසුන්ට පොදු මුතුන් මිත්තකු සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart