
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසලේ සේවයට වාර්තා කර උපකාරක පන්තියක සිසුන් පිරිසකට ඉගෙන්වීමට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර – නිවන්තකචේතිය මහ විදුහලේ උසස් පෙළ සංයුක්ත ගණිතය ගුරුවරයකුගේ වැඩ තහනම් කර ඇතැයි උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් පවසයි.
ලංකාදීපය වාර්තා කර ඇති ආකාරයට මෙම ගුරුවරයා පාසල් වේලාවේ ප්‍රදේශයේ උපකාරක පන්තිවල සිසුන්ට මුදලට උගන්වන බවට මවුපියන් පිරිසක් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල මත අධ්‍යාපන නිලධාරින් පිරිසක් එම පාසලේ නිරීක්ෂණයකට එක්ව තිබේ.
මෙම ගුරුවරයා පාසල් කාලසීමාවේදී පෞද්ගලික පන්තියක සිසුන්ට උගන්වා ඇති බවට එහිදී අනාවරණය වී ඇත.
මෙම ගුරුවරයා කිසිදු බලධාරියකුගේ අනුමැතියකින් තොරව මෙම වසරේ මේ දක්වා දින 26 ක් නිවාඩු ලබාගෙන ඇති බව ද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් පෙරේදා 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart