
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම පාසල් දින දෙකක කාලයක් වසාතැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව සියලුම පාසල් 2024 නොවැම්බර් 13 සහ 14 යන දිනවල වසාතැබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, පාසල් අධ්‍යයන කටයුතු 2024 නොවැම්බර් 18 සඳුදා නැවත ආරම්භ වන බවයි.
ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කෙරෙන පාසල් අඟහරුවාදා (නොවැ 12) පාසල් අධ්‍යයන කටයුතු අවසන් වීමෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීවරයා වෙත භාරදීමට නියමිතය.
නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart