
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් දරුවන්ට නොමිලේ බෙදා දෙන්න තිබුණු රුපියල් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් තොගයක් බෝතල් පත්තරකාරයන්ට විකුණා දැමූ පුවතක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තා වෙනවා.
නැගෙනහිර පළාතේ පාසල් දරුවන්ගේ පළමු වසර දෙමළ ක්‍රියාකාරකම් පොත් 20,000කට ආසන්න සංඛ්‍යාවක් (19,892ක්) මෙලෙස අතුරුදන් කර ඇත්තේ ප්‍රවාහන සමාගමක ලොරි රථ රියදුරෙක් විසිනුයි.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව, කිලෝ 1,700ක් බරැති මෙම පොත් තොගය ලොරි රියදුරා විසින් අලව්වේ පරණ බඩු ගන්නා අයෙකුට විකුණා ඇත්තේ කිලෝව රුපියල් 25 ගාණෙයි.
එතැනින් නොනැවතුණු මෙම ‘පොත් ජාවාරම’ අතින් අත මාරු වී තිබෙන්නේ හරිම රසවත් විදිහටයි.
පළමුව ලොරි රියදුරාගෙන් රුපියල් 25 බැගින් ගත් පොත් තොගය, අලව්වේ වෙළෙන්දා විසින් රුපියල් 40 බැගින් නාරම්මල අයකුට විකුණා තිබෙනවා.
දෙවනුව නාරම්මල වෙළෙන්දා එය කිලෝව රුපියල් 50 බැගින් නිකවැරටිය ප්‍රදේශයේ අයෙකුට අලෙවි කර තිබෙනවා.
අවසානයේ නිකවැරටියෙන් පොත් ටික ගිය පාර කෙළවර වුණේ මීගමුව මාවතේ වත්තල පිහිටි ආයතනයකින්. එම ආයතනය කරන්නේ මේ පරණ කඩදාසි මැෂින්වලින් කපලා බණ්ඩල් කරලා ඉන්දියාවට යවන එකයි.
කොහොම හරි ඉන්දියාවට යන්න ඔන්න මෙන්න තියෙද්දී තලංගම පොලීසිය මැදිහත් වෙලා සැකකරුවන් 5 දෙනකු සහ පොත් ටික අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රධාන සැකකාර ලොරි රියදුරා ගැන හෙළිවූ තවත් රහසක් වන්නේ, ඔහු මීට පෙර ගංජා සන්තකයේ තබාගැනීම, බීමත්ව රිය පැදවීම, පහරදීම් සහ මාරක රිය අනතුරකට ද චෝදනා ලැබූ අයෙකු බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart