
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුව සියලුම සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කාන්දු වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය හරහා මූලික මානව හිමිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (31) ප්‍රකාශ කළේය.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ තුනෙන් සුදුසු නිර්දේශයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ද අධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.
එම නිර්දේශ තුන වූයේ;
1. පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබාදීමේදී මතභේදාත්මක ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් සිදුකිරීම.
2. අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයන් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම.
3. ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම.
මේ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ඒ අනුව විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ තුනේ සියලු වාසි සහ අවාසි හොඳින් සළකා බැලීමෙන් අනතුරුව දෙවැනි විකල්පය ‘වඩාත්ම සාධාරණ’ බවට තීරණය කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart