
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිල ආයතන තුළට පාතාල ක්‍රියාකාරකම් රිංගා ඇති බවට විමර්ශනවලින් අනාවරණ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, 10 වැනි පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව සිය ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති පළමු රැස්වීමේදී බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරියේදී පාතාලය සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද පිළිගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර ඇත්තේ, අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවක් සකස් කර ඇති අතර, නීතීඥවරුන් ඇතුළු සියලූ පාර්ශව පරීක්ෂා කර නවීන තාක්ෂණය භාවිත කර අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart