
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සෞදි ආරබියාව ඉදිරිපත්ව ඇත.
ඒ අනුව බටහිර ජාතීන්ට මෙන්ම ඉන්දියාව සහ බ්‍රසීලය වැනි වැදගත් පර්ශ්වකරුවන්ටද ආරාධනා කරමින් අගෝස්තු 5 සහ 6 යන දිනවල සෞදි අරාබියේ දී සාම සාකච්ඡා සඳහා වේදිකාවක් නිර්මාණය කරන බව ප්‍රකාශ කෙරී ඇත.
වාර්තා අනාවරණය කරන ආකාරයට මෙම සාකච්ඡා මේසයට ඉන්දුනීසියාව, ඊජිප්තුව, මෙක්සිකෝව, චිලී සහ සැම්බියාව ඇතුළු රටවල් 30ක පමණ ඉහළ නිලධාරීන්ද සහභාගී වනු ඇත.
මෙම සාකච්ඡා මඟින් යුක්රේනයට වාසි වන සාම කොන්දේසි සඳහා අන්තර්ජාතික සහයෝගය ලබාගත හැකි බවට යුක්රේනයේ සහ බටහිර රාජ්‍යයන්ගේ රාජ්‍යතාන්ත්‍රිකයෝ බලාපොරොත්තු වෙති.
පසුගිය ජූනි මාසයේදී කෝපන්හේගන්හි දීද(Copenhagen) මෙවැනිම සාකච්ඡා වටයක් පැවැත්විණි.
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් (Jake Sullivan) මීට සහභාගී වීමට අපේක්ෂා කරන අතර, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, පෝලන්තය සහ යුරෝපා සංගමයේ පැමිණීම මේ වනවිටත් තහවුරු කර ඇත.
මැයි මාසයේ දී ජෙඩා හි පැවති අරාබි ලීග් සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ද සහභාගී වී සිටි අතර, එහිදී මෙම නවතම සාකච්ඡා මේසය සංවිධානය කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart