
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට අයත් කටාන ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබූ පිත්තල වලින් නිෂ්පාදිත අලියෙක් සහ කුඩා ටජ්මහල් අනුරුවක් ඇතුළු භාණ්ඩ රැසක් 27 වැනිදා රාත්‍රී කාලයේදී සොරාගෙන ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කරයි.
ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඔහුට අයත් නැගෙනහිර කටාය ප්‍රදේශයේ පිහිටි නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.
එම නිවස සහ ඉඩම බලාගැනීමට දිවා කාලයේ පමණක් මුරකරුවෙක් සිටින බව පොලිසිය පවසයි.
මුරකරු පෙරේදා (28) උදෑසන එම නිවසට පැමිණ නිවස අවට පරික්ෂා කිරීමේදී පිටුපස දොර කඩා ඇති බව දැක දුරකථනයෙන් පොලිසිය දැනුවත් කර තිබේ.
පසුව කොච්චිකඩේ පොලිස් නිලධාරීන් මුරකරු සමඟ නිවස පරික්ෂාවට ලක්කර ඇත.
පිත්තලවලින් නිෂ්පාදිත අලියෙක් සහ කුඩා ටජ්මහල් අනුරුවක් සහ තවත් භාණ්ඩ එම නිවසින් සොරාගෙන ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.
කොච්චිකඩේ පොලිසිය එම සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart