
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ සැගවී සිටින බවට සැලකෙන ‘සැන්ටා’ හෙවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන සිතුම්ට සම්බන්ධ තරුණියන් දෙදෙනකු පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වෙතැයි ගණන්බලා තිබේ.
වැටළීමේදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීම පමණක් නොව ඒවා පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමඟ හෂීස් ග්‍රෑම් 250ක්, මත්පෙති 15ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජංගම දුරකථන 08ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
ප්‍රංශයේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව කියන ‘සැන්ටා’ තරුණ කාන්තාවන් යොදාගනිමින් සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන බවට පිළියන්දල පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම පිරිස කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඉහළ මහලක් බෙදාහැරීමේ ස්ථානයක් ලෙස කුලියට ගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
‘සැන්ටා’ගෙන් WhatsApp හරහා ලැබෙන උපදෙස් මත බොරලැස්ගමුව සිට කහතුඩුව දක්වා මත්ද්‍රව්‍ය බෙදාහරින බව අත්අඩංගුවේ පසුවන කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.
‘සැන්ටා’ විසින් සැකකකාරියන්ට රුපියල් 40,000ක මාසික කුලියට එම ගොඩනැගිල්ලේ නවාතැන් ලබා දී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල් ඔහුගේ බැංකු ගිණුමට තැන්පත් කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් බණ්ඩාරගම සහ දෙහිවල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනා සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart