
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දූෂිත බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත රුපියල් තිස්පන්දාහක මුදලක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.
ඇප ලබාගැනීමෙන් අනතුරුව නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වන පරිදි හෝ ඔවුන්ට අපහාසයක් වන පරිදි නොකරන ලෙසට අවවාද කර විනිසුරුවරයා රජයේ නිලධාරීන් යම්කිසි අකටයුත්තක් සිදු කරන්නේ නම් එලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර ගත හැකි පියවර ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙසට සැකකරුට අවවාද කළේය.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීති මණ්ඩලය කළ කරුණු දැක්වීම සLaකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළ අතර එම නඩුව අගෝස්තු 30 වැනිදා යළි කැඳවීමට දින නියම කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart