
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තමා DARAZ සහ Samsung වැනි සන්නාම අනුමත කරන බවට සාවද්‍ය ලෙස සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වංචනික දැන්වීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීමක් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කුමාර් සංගක්කාර පැහැදිළි කර ඈත්තේ, තමාට කිසිදු සමාගමක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එලෙස සංසරණය වන වීඩියෝ මහජනතාව රැවටීම සඳහා AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇතැයි ද ඔහු පවසයි.
“කරුණාකර DARAZ/Samsung සමඟ මා එක්ව ඇති බවට පළවන දැන්වීම් නොසළකා හරින්න. ඉහත සන්නාම සමඟ මට කිසිදු සම්බන්ධයක් නොමැති අතර වීඩියෝ පැහැදිලිවම AI ඔස්සේ සකස් කරන ලද ඒවා වේ,” සංගක්කාර ප්‍රකාශ කළේය.
මෙම වංචාව ඔස්සේ වංචනිකයන් සිය නිෂ්පාදන හෝ ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීමට ප්‍රසිද්ධ පුද්ගලයන් ව්‍යාජ ලෙස පෙන්වමින්, ඒත්තු ගැන්වෙන වීඩියෝ සහ රූප නිර්මාණය කිරීමට කෘතිම බුද්ධි මෙවලම් භාවිතා කරන බව පෙනෙන්නට තිබෙන බව ද කුමාර් සංගක්කාර පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මෙම උපක්‍රම මහජන විශ්වාසය සූරාකෑම සඳහා අන්තර්ජාල වංචනිකයින විසින් වැඩි වැඩියෙන් භාවිත කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart