
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ සීමිත ඕවර කණ්ඩායමේ පුහුණුකාර ධුරය සිත්ගන්නාසුළු බලාපොරොත්තුවක් වුවද එම භූමිකාව සඳහා තමා සමග මෙතෙක් සාකච්ඡා කර නොමැති බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර තිබේ.
එංගලන්ත සීමිත ඕවර ප්‍රධාන පුහුණුකරු මැතිව් මෝට් අඟහරුවාදා සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු නව ප්‍රධාන පුහුණුකරුවකු සෙවීම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
ඒ සඳහා මාකස් ට්‍රෙස්කොතික් තාවකාලිකව පත් කර ඇති අතර මොට් වෙනුවට කළ හැකි පත්වීමක් සඳහා එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂ රොබ් කී සෙවීම් ආරම්භ කර ඇත.
එංගලන්තයේ සීමිත ඕවර කණ්ඩායමේ නායක ජොස් බට්ලර් සමග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් ලැබූ ජයග්‍රහණ හේතුවෙන් සංගක්කාර ඉදිරියෙන් සිටින නම් අතර සිටී.
“මම දන්නවා මගේ නම යම් හේතුවක් නිසා සඳහන් කර තිබෙනවා, නමුත් එවැනි කතාබහක් තිබුණේ නැහැ,” යනුවෙන් ස්කයි ස්පෝර්ට්ස් හි ‘ද හන්ඩ්‍රඩ්’ සඳහා අදහස් දැක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත.
“මම හිතන්නේ එංගලන්තයේ සීමිත ඕවර ප්‍රධාන පුහුණුකරු රස්සාව ඕනෑම කෙනෙකුට උද්යෝගිමත් බලාපොරොත්තුවක්, නමුත් හොඳ අපේක්ෂකයන් ගොඩක් ඉන්නවා.” යනුවෙන් ඔහු පවසා ඇත.
2000-2015 අතර කාලය තුළ තම රට නියෝජනය කළ සංගක්කාර විශේෂයෙන්ම බට්ලර් සමඟ ඇති ඔහුගේ ශක්තිමත් සබඳතාව සැළකිල්ලට ගෙන, බොහෝ දුරට මෙවැනි කතාබහක් එන්නට ඇතැයි පෙනේ.
46 හැවිරිදි ඔහු දැනට එංගලන්තයේ වාසය කළ ද මාස දෙකක් පුරා කාලය වැයකරන IPL තරගාවලිය වෙනුවෙන් අවස්ථා හතරකදී රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇත.
“මේ මොහොතේ මම ගොඩක් සතුටු වෙනවා. රාජස්ථාන් රෝයල්ස් අත්දැකීම ඉතාමත් තෘප්තිමත් එකක්. එය පසුගිය වසර හතර තුළ මම ඇත්තටම සතුටට පත් වූ කාර්යයක්” යැයිද සංගක්කාර වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart