
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැප්තැම්බර් 13 වැනිදා මැතිවරණ රැලියකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
“සැප්තැම්බර් 14 වන දින අපි සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊයේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව The Morning වෙත පවසා තිබේ.
මෙම ප්‍රහාරකයන් සමගි ජන බලවේගයේ ආධාරකරුවන් බවට සැකකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.
මෙහිදී බස් රථයට හානියක් සිදුව නැති අතර, ජාජබ සාමාජිකයන් බස් රථයෙන් බසින අවස්ථාවේ ප්‍රහාරකයන් ඔවුන්ට පහරදී තිබේ.
එහිදී පුද්ගලයන් 4 දෙනකු තුවාල ලබා වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
සැකකරුවන් වෙනුවෙන් සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරුන් ඉදිරිපත් වී ඇති නමුත් ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart