
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලයට පත්වීමෙන් පසු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහතික විය.
සමගි ජන බලවේගයේ නායකයා මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චිය භාරතීපුරම් මහා විද්‍යාලයට ‘සක්වල’ වැඩසටහන යටතේ ස්මාර්ට් පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස “එක මවකගේ දරුවන් ලෙස” ආගම්, ජාති භේදයකින් තොරව සියලුදෙනාම එක්ව රට ගොඩනැගීමට අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටියේය.
විවිධ නායකයින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාකිරීමට බියවන්නේ ඔවුන් “දේශපාලන අවස්ථාවාදීන්” නිසා බවත්, තමන් 13 වැනි සංශෝධනය “කෙළින් කතා කරන්නකු” ලෙස ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart