
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේ දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අතට අත නොදීම ගැන අනවශ්‍ය ඝෝෂාවක් ඇතිවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ උප සභාපති සුජීව සේනසිංහ අද ප්‍රකාශ කළේය.
එම කාලය තුළ වෙනත් කටයුත්තක නිරතව සිටි බැවින් සජිත් ප්‍රේමදාස හට ජනාධිපතිවරයාට අතට ඇත දීමට නොහැකි වූ බව සුජීව සේනසිංහ පෙන්වාදුන්නේය.
“සමහරු මේ කාරණය ගැන අනවශ්‍ය ඝෝෂාවක් කරනවා. අනික රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට අත් එකතු කරලා ආචාර කළා නම් හොඳයි. ‘ආයුබෝවන්’ කියමින් ආචාර කිරීම වඩාත් ප්‍රියමනාපයි. ඒක තමයි සැබෑ ශ්‍රී ලාංකික සුබපැතුම් ක්‍රමය.” යැයි ඔහු සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට අත ඇත නොදීම තුළින් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කර ඇති බවට ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, සුජීව සේනසිංහ වැඩිදුරටත් කියාසිටියේ, අනුර කුමාර දිසානායක එම ප්‍රකාශය කිරීමෙන් තම උද්දච්චකම සහ වෛරය ප්‍රදර්ශනය කර ඇති බවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart