
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේද පවතින දැවැන්ත රටවල් දෙකක් වන ඉන්දියාව සහ චීනය අතර මැදිහත්කාර භූමිකාවක් ඉටු කිරීමේ යෝජනාවක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසකට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙම අදහස ඉදිරිපත් කර ඇත්තේ එම නියෝජිත පිරිස සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේදීය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සිය විදේශ සබඳතාවලදී කිසිදු රටකට විශේෂ තත්ත්‍වයක් නොදිය යුතු බව එම නියෝජිත පවසා ඇතැයි වාර්තා වේ.
චීන අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති සන් හයියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීමේ කොටසක් ලෙස ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවී තිබිණි.
තතුදත් ආරංචි මාර්ග පැවසුවේ මෙම රැස්වීමේදී ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඉන්දු-චීන ගැටුම ගැන සඳහන් කරමින් දේශපාලන නායකයකු ලෙස තමන් එම රවල් දෙක අතර මැදිහත්කාර භූමිකාවකට සූදානම් බව සඳහන් කළ බවයි.
එහිදී එම නියෝජිත පිරිසේ ප්‍රධානියා පිළිතුරු දී ඇත්තේ ශ්‍රී ලංකාව සෑම විටම සියලු රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී කිසිම රටකට විශේෂ තත්ත්වයන් නොදිය යුතු බවටය.
ශ්‍රී ලංකා නායකයන් අතරින් එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක 1962 ඉන්දු-චීන යුද්ධයේදී එවැනි කාර්යභාරයක් ඉටු කළ බව වාර්තා වේ.
ඉන්දියාව සහ චීනය අතර මැදිහත්වීම සඳහා 1962 දෙසැම්බර් මාසයේදී කොළඹදී නොබැඳි රටවල සමුළුවක් සඳහා ඇය මූලිකත්වය ගෙන තිබිණි.
ඉන්දියාව සහ චීනයට ශ්‍රී ලංකාව තුළ තරඟකාරී උපායමාර්ගික අවශ්‍යතා ඇති අතර කලාපීය බලපෑම සඳහා ඔවුන් තරඟ කරමින් සිටියි.
එය රාජ්‍ය තාන්ත්‍රිකව ගමන් කිරීමට බලකරමින් ශ්‍රී ලංකාව අවිනිශ්චිත තත්ත්වයකට පත් කර ඇත.
චීන දූත පිරිස පසුගියදා ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සියලුම ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart