
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයන්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාට ම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුවේදී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වාදුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයන් ප්‍රකාශ කර සිටියේ විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බවයි.
එවැනි තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර ලබාදීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළේය.
ඒ අනුව එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි නම්කරනු ලැබීය.
එමෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රියව නම් කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart