
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන්කිරීම ඒවා පාලනය කරන පක්ෂය මත රඳාපවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී කළ ප්‍රකාශය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස විවේචනය කර තිබේ.
ජනාධිපතිවරයා පසුගියදාක පැවසුවේ “අරමුදල් වෙන් කිරීමට පෙර, යෝජනාව එවන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුයි. මන්නාරම නගර සභාව ජාතික ජන බලවේගය සමඟ නම්, අපි ඇස් වහගෙන අරමුදල් වෙන් කරන්වා. කෙසේවෙතත්, එය වෙනත් පක්ෂයක් සමඟ නම්, අපට යෝජනාව අවම වශයෙන් 10 වතාවක් අධ්‍යයනය කිරීමට සිදුවෙනවා. ඒ ඇයි? මොකද අපිට ඒ අය ගැන විශ්වාස නැහැ.”
සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රකාශය හෙළාදුටු අතර, එය මහජනතාව නොමඟ යැවීමේ තවත් උත්සාහයක් ලෙස හඳුන්වමින් එවැනි “ලාභ දේශපාලන උපක්‍රම” වලට අනාගතයක් නොමැති බව ප්‍රකාශ කළේය.
“මේ ආකාරයේ ‘ටොම් පච’ දේශපාලනය කෙටි කාලීනයි. මාළිමා පාලනයකින් තොරව සභාවලට අරමුදල් වෙන්නොකරන බව පවසමින් ජනාධිපතිවරයා ජනතාව රවටා ගැනීමට උත්සාහ කරනවා, එවැනි සුළු දේශපාලන බිය ගැන්වීම්වලින් අධෛර්යමත් වෙන්න එපා” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart