
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී වූ ඡන්ද ලබාදීමට ඇති කැමැත්ත පිළිබඳ මත විමසුමකදී සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය අභිබවා ගොස් තිබේ.
එසේම එම මත විමසුමේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ තිබූ කැමැත්තෙ පරතරයද අඩුකර ගෙන තිබේ.
2024 මාර්තු මාසය සඳහා මෙම සමීක්ෂණ දෙක සිදුකර තිබුණේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයයි.
එහිදී සමගි ජන බලවේගය සඳහා සහාය දැක්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සොයාගෙන තිබේ.
“සමගි ජන බලවේගය මත විමසුමේදී සියයට 38 (+4)ක් ගෙන ඇත්තේ 2022න් පසු ප්‍රථම වරට පෙරමුණ ගනිමින්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සියයට 35 (-2)ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 8ක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සියයට 5 ලෙස ලබාගෙන ඇත. මාර්තු ඇස්තමේන්තුව තාවකාලික වන අතර ප්‍රමුඛ පක්ෂ හතර සඳහා 1-3%ක දෝෂයක් තිබිය හැකියි, ”යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය කියාසිටියි.
එසේම එම ආයතනය පවසන්නේ, 2024 මාර්තු මාසයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳ තාවකාලික ඇස්තමේන්තු අනුව සජිත් ප්‍රේමදාසට සියයට 41 (+2) දක්වා සහාය වැඩිවෙමින් සියයට 44 (-2)ක් ලෙස ඉදිරියෙන් සිටින අනුර කුමාර දිසානායක සමඟ ඇති පරතරය අඩු කරගෙන ඇති බවයි.
ජනාධිපති වික්‍රමසිංහට නොවෙනස්ව සියයට 8 සහ සාමාන්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකුට 7% (-1) සඳහා වූ සහයෝගය සුළු වශයෙන් වෙනස් වී ඇත.
මහ මැතිවරණයකදී වූ ඡන්ද ලබාදීමට ඇති කැමැත්ත පිළිබඳ මත විමසුම ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ රවී රන්නන්-එලිය පවසා ඇත්තේ, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ පෙබරවාරි වාර්තාව හා සසඳන විට, පෙබරවාරි මාසයේ ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ සහාය පිළිබඳ සිය ඇස්තමේන්තු ලකුණු -7 සහ +5 වශයෙන් සංශෝධනය කර ඇති බවයි.
කෙසේවෙතත්, මෙය සැබෑ ප්‍රවණතාවක් දැයි බැලීමට මාස කිහිපයක් බලා සිටීම වඩාත් සුදුසු බව රන්නන්එලිය පවසයි.
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පවසන්නේ, මෙම ඇස්තමේන්තු සියලුම වැඩිහිටියන් සඳහා මිස ඡන්දදායකයන් සඳහා නොවන බවයි.
ඒවා පදනම් වී ඇත්තේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ශ්‍රී ලංකා ඔපීනියන් ට්‍රැකර් සමීක්ෂණයේ 2024 වසරේ කර ඇති සංශෝධනය මතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart