April 10, 2026

සිරස මාධ්‍ය ජාලයේ දේශපාලන වැඩසටහන් සඳහා සිය නියෝජිතයන් සහභාගී නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

පක්ෂයේ කළමනාකරණ කමිටුව මෙම තීරණය ගත බව, එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික චරිත් අබේසිංහ ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සිරස මාධ්‍ය ජාලයේ දේශපාලන වැඩසටහන්වලට සහභාගී වූ සමගි ජන බලවේගයේ නියෝජිතයන්, ඒවායේදී නැගෙන ප්‍රශ්න හමුවේ අඛණ්ඩව අපහසුතාවන්ට පත්වන ආකාරය පසුගිය වකවානුවේ දැකගත හැකිවිය.