
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම 27 සහ 28 දෙදින ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග එළැඹුණු එකගතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා ඔස්සේ මෙම ගොඩබිම් මුහුද මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට
අමතරව දුම්රිය මාර්ගයක් ද ඉදිකිරිමට සාකච්ඡා වී තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට සමගාමීව තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා ඍජු ගමන් පහසුකම්
සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර, එහි පළමු මාර්ගය තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදිකෙරෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ කළ සාකච්ඡාවල දිගුවක් ලෙස සාගල රත්නායක මෙම සංචාරයේදී ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රධානීන් හමුවීමට නියමිතව පවතී.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක්ද සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා දුර කිලෝමීටර් 23කි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart