
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ආන්දෝලනාත්මක ලෙස ජලය මුදාහැරීමෙන් පසු ඇති වූ බිය සමනය කිරීම සඳහා ජපාන අගමැතිවරයා බදාදා (30) ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළු අනුභව කළේය.
ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී අපජලය මුදා හැරීමෙන් පසු ආරක්ෂාව පිළිබඳ ගැටළු දුරු කිරීමේ උත්සාහයක් ලෙස ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ කැබිනට් ඇමැතිවරු තිදෙනෙක් බදාදා (30) දිවා ආහාරය සඳහා මෙලෙස ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් අල්ලාගත් සෂිමි මසුන් ආහාරයට ගෙන ඇත.
මෙම කලාපය ෆුකුෂිමා ඇතුළු ජපානයේ උතුරු පැසිෆික් වෙරළ තීරයේ කොටසකි.
දශක ගණනාවක් තිස්සේ සැලසුම් කරන ලද මෙම පිරිපහදු කළ ජලය මුදා හැරීම ධීවර කණ්ඩායම්වල දැඩි විරෝධයට ලක් වූ අතර අසල්වැසි රටවලද විවේචනයට ලක්ව ඇත.
ජපානය මෙලෙස බලාගාරයේ ජලය මුදාහැරීමත් සමග චීනය වහාම ජපානයෙන් මුහුදු ආහාර ආනයනය තහනම් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart