
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියකදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා දැනුම්දුන් දිනක ගොස් කටහඬ පරීක්ෂාවට ඉදිරිපත් වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට ඊයේ (01) නියෝග කළේය.
මේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (02) යළි කැඳවූ අවස්ථාවේදී මේ කරුණු ඉදිරිපත්විණි.
මේ කටහඬ පරීක්ෂාව සිදුකර වාර්තා ලැබෙන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමට නොහැකි වී ඇති බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ ස්ථානාධිපති සුපුල් විදානගේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මේ විමර්ශනය සඳහා සැකකාර සචිත්‍ර සේනානායක යන අයගේ කටහඬ පරීක්ෂාවක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා ඉදිරිපත් වීමට රජයේ රස පරීක්ෂකවරයා ඉකුත් දිනයකදී වේලාවක් දී තිබුණත් ඒ අවස්ථාවේ එහි යන්ත්‍රවල සිදු වූ දෝෂයක් හේතුවෙන් අදාළ පරීක්ෂාව කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් වාර්තා වූ බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලයෙන් සැකකරුට දිනයක් හා වේලාවක් දුන් පසු එහි ගොස් එම පරීක්ෂාවට ඉදිරිපත් වන ලෙස සැකකරුට නැවත නියෝගයක් නිකුත් කරන්නැයිද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා දිනයක් සහ වේලාවක් දුන් පසු එහි ගොස් අදාළ විමර්ශනයට ඉදිරිපත් වන ලෙස සැකකරුට නියෝග කරමින්, ලබන මැයි මස 17 දා තෙක් නඩුව කල්තැබීය.
එසේම, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේය.
හම්බන්තොටදී නිමාවට පත් 2020 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ‘කලම්බු කිංග්ස්’ කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රිඩකයන් දෙදෙනාට අඩු දක්ෂතාවෙන් යුතුව ක්‍රීඩාකරන ලෙස මේ සැකකරු බලපෑම් එල්ල කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ‘වට්ස්ඇප් මෘදුකාංගය’ මඟින් ‘ෂර්බි’ සහ ‘ශ්ලේඩ්’ යන විදේශීය ජාතිකයන් දෙදෙනා සම්බන්ධ වී ඇති බවත් පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart