
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් පාසල්වල දැවැන්ත පිවිසුම් දොරටු සෑදීමට පෙර, ඊට වඩා ජනතාවට වැදගත් කටයුතු කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට අවවාද කළේය.
ඔහු මෙම අවවාදය කළේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමුල් චිත්තක මායාදුන්නේගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ග්‍රවනාගාරයේදී පැවැති මෙම රැස්වීමට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඇමැතිවරු වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න යන අයද, පළාත් ප්‍රධාන ලේකම් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
ආණ්ඩුකාරවරයා මෙහිදී අලි සබ්‍රි මන්ත්‍රීවරයා අමතමින් මෙසේ කීය.
“මන්ත්‍රීතුමා පාසල්වල ප්‍රධාන පිවිසුම් හදන්න විශාල මුදලක් වැය කරන්න එපා මොකද එයට වඩා විශාල වැඩ කොටස් පාසල්වල තිබෙනවා. පාසල්වල ඔය හදන විශාල ගේට්ටු වලට අති විශාල මුදලක් වැයවීම අපරාධයක්. ඒ නිසා මේ ගේට්ටු අතහැරලා වෙනත් දෙයකට මුදල් යොදවන්න.”
අලි සබ්‍රි රහිම් මහතා:-
“අපේ පාසල් කාටවත් පේන්නේ නැහැ. කවුරුත් දැක්කත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා හුග දෙනෙකු මගෙන් ඉල්ලා සිටිනවා පාසල වැඩිපුර පෙනෙන ආකාරයට විශාල ගේට්ටුවක් දාලා ලොකුවට පාසලේ නම ගහලා දෙන්න කියලා. මේ සල්ලි මට ලැබෙන මන්ත්‍රී ප්‍රතිපාදන.”
පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ වෛද්‍ය රාජ් කුමාර් මහතා:-
“ආණ්ඩුකාරතුමා අපේ දිස්ත්‍රික්කයේ පාසල් බහුතරයක සනීපාරක්ෂක තත්වය ඉතාම පහළ තිබෙන්නේ. ඒ කියන්නේ බහුතරයක් පාසල්වල වැසිකිළි භාවිත කරන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ වැසිකිළි ටික හදලා දෙන්න. මේ විශාල ගේට්ටු වලට වඩා ඒක වටිනවා යැයි කීය.” (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart