
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතුරාජා ඇතා ආපසු රැගෙන යෑම සඳහා රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ(30) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
EZS 5701 දරන මෙම ගුවන් යානය රුසියාවේ මොස්කව් සිට පැමිණ රාත්‍රී 11.30 ට ගුවන් තොටුපළට ළඟාවී ඇත.
අද(01) මධ්‍යම රාත්‍රියේ මෙම ඇතා දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායක ගුවන් තොටුපළ බලාරැගෙන යෑමට නියමිතය.
මුතුරාජා හස්තියා රැගත් මෙම රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය හෙට(02) අලුයම 03 ට කටුනායක සිට තායිලන්තයේ බැංකොක් බලා පිටත් වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart