
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවූ බව කියන බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ, එම කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
සංචාරක වීසා මත රුසියාවට යවා රුසියානු හමුදාවේ සිවිල් සේවයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු ඒජන්සිය විසින් එක් එක් පුද්ගලයාගෙන් රුපියල් මිලියන 1.5 ක් ලබා ගෙන ඇති බව ද අනාවරණ වී ඇති බව එම කාර්යංශය පවසයි.
කෙසේවෙතත් ඒජන්සිය ශ්‍රී ලාංකිකයන් රවටා ඒ වෙනුවට ඔවුන්ව රුසියානු – යුක්රේන යුද පෙරමුණට යවා ඇති බව ද අනාවරණ වී තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, එම ආයතනය මගින් ක්‍රියාත්මක වන ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 07ක් ලැබී ඇති බවයි.
එම පැමිණිලි මත එම ආයතනය රුපියල් මිලියන10 කට අධික මුදලක් වංචා කර ඇති බවට විශ්වාස කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි ඉහත කී විදේශ රැකියා නියෝජිතායතන පරිශ්‍රය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් සිදුකළ වැටළීමකින් අනතුරුව එම ආයතනයේ හිමිකරු සහ කළමනාකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අවලංගු කර ඇත.
එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කිසිදු විදේශ හමුදාවක සේවය කිරීමට ශ්‍රී ලාංකිකයන් යෙදවීමට රජය ඉඩ නොදෙන බවත් සංචාරක වීසා මත රැකියා සඳහා විදේශගත නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තනතුරු සහ තරාතිරම නොබලා පියවර ගන්නා ලෙස ඇමැතිවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart