
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලම තරඟකරුවා බවට රුසියාව පත්ව ඇති බව එරට ප්‍රකාශයට පත්කරන ලද ජනමාධ්‍ය වාර්තාවක දැක්වේ.
රුසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්තිවලට අනුව, ශ්‍රී ලංකාව දැනට තෙල්, ගල් අඟුරු සහ හයිඩ්‍රොකාබන් ඇතුළු බලශක්ති අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරයි.
ආර්ථික බර ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාව 2030 වන විට සිය විදුලියෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට අපේක්ෂා කරයි.
මාධ්‍ය වාර්තාවට අනුව, රුසියාවේ ඉහළපෙළේ නියෝජිත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ යෝජිත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර ඇත.
“අපට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැක්කේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අන්තර් රාජ්‍ය ගිවිසුම අත්සන් කළහොත් පමණයි. ඒක දැන් බලාපොරොත්තු වෙනවා,” රුසියානු නියෝජිත පිරිස වැඩිදුරටත් පවසා ඇත.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් න්‍යෂ්ටික බලයට අවසර ලබා දීමෙන් පසු, එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ චීනය ඇතුළු බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළකර ඇත.
විශේෂයෙන් චීනයද මෙම ව්‍යාපෘතිය ලබාගැනීම සඳහා වෙහෙස දරමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart