
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28ක් පමණ අගතියට පත්වී ඇති බවත්, ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුව ඇත.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 09) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන කැඳවා තිබිණි.
එසේම මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන පෙන්වා දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත්, ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් හදුනාගෙන ඇති බවයි.
2018 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු හඳුනාගෙන ඇති බවද මෙහිදී සඳහන් විය.
එසේම මෙම ණය ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොළියක් අයකරගැනීමට කටයුතු කොට ඇති බවත් මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදී නියෝජිතයෝ පෙන්වාදුන්හ.
තවද ග්‍රාමීය කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක් වී ඇති බවද ඔවුහු පෙන්වාදුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart