
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බලළෝ…”කියලා පැරණි උපහැරනයක් තියෙනවා ය. ඒ වගේම “බල්ලොත් එක්ක ලැග්ගා නම් මැක්කොත් එක්කම නැගිටපන් ” කියලත් තියෙනවාය. මේ දෙන්නාට මේකෙන් කෝක ගැලපෙනවාද කියලා කියන්න බැරිය. මේ කරගහන්න වෙලා තියෙන්නේ මරාළයකටය. 1982 ආරම්භවු රූපවාහිනීයට ප්‍රථම පුහුණු වන නිෂ්පාදන සහකාර කණ්ඩායම ලෙස අපි 24 දෙනෙක් බැඳුණේ 1983 දීය. එකල පැවතියේ එජාප රජයක් ය. මේ 24න් විසිදෙකක් තුනක් පමණම වාමාංශික පවුල්වලට සම්බන්ධ තරුණ තරුණියන්ය. බඳවාගැනිමේ සම්මුඛ පරික්ෂණ මංඩලයේ හිටියේ සභාපති එම් ජේ පෙරේරා සහ හෙන්රි ජයසේන මහත්වරුන්ය. අපේ බඳවාගැනිම් සදහා කිසිදු දේශපාලන අත ගැසීමක් සිදුනොවිණි. මේ සියලුදෙනාම පාහේ, ඒ වනවිටත් සිනමාව, වේදිකා නාට්‍ය, ගුවන්විදුලිය, පුවත්පත්වලින් පළපුරුද්දක් ලැබු අය විය.
සම්මුඛ පරික්ෂණවලින් තොරව නිෂ්පාදන ක්ෂේත්‍රයට බඳවා ගැනිම් කණපිට පෙරළුණේ 1994 න් පසුවය. ඒ දක්වාම රූපවාහිනීය ලාභ ලබමින්, සම්මාන පිට සම්මාන ලබමින් ගෙවිගියේ අතිමහත් සුන්දර කාලයකි. එදා සිටි ඇමතිවරුන්ගෙන් බලපෑම් එල්ලවුයේද නැත. හිටපු ආයතනික බලධාරින් ක්ෂේත්‍රයේ මෙන්ම රාජ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රයේද මෙලෙස නම්දරා තිබු නිලදාරින් විය.
රූපවාහිනීය පල්ලම් බැසීම ආරම්භවුයේ 1994න් පසුව බව කීවොත් නිවැරැදිය. එකල පැවැතියේ චන්ද්‍රිකාගේ රජයයි. මාධ්‍ය ඇමතිවුයේ මහත්මා ගති ඇති ධර්මසිරි සේනානායකයන්ය. ඔහුගෙන් පසුව ජනමාධ්‍ය ඇමතිකම ලැබුණේ මංගල සමරවීරටය. රාත්‍රි 12ට ආණ්ඩුව විසුරුවන විට, ඊට පසුදින උදේ පාන්දරම රූපවාහිනී ගේට්ටුවේ හිටියේ මාතරින් පැමිණි පිරිසකි. මේ සියලුදෙනාටම පත්විම් ලිපි පෙර දිනය යොදා මාතරින්ම ලබාදී තිබුණි(ආවේ කොහොම වුණත් සියලුදෙනාම ලිපිකරු ආශ්‍රිත තනතුරු සදහා සුදුසුකම් සැපිරු හිතහොඳ පිරිසක් විය). මින් කාන්තාවන් හතරදෙනකු රූපවාහිනීයට බඳවාගත් ප්‍රථම කාන්තා කාර්‍යල කාර්‍ය සහායකවරියන්ය. මින් එක් අයකුගේ රාජකාරිය වුයේ මංගලගේ නිවසටවී මව බලාගැනීමය. දීර්ඝ කාලයක් අතිකාලද ලබමින් ඇය කළ සේවය නැවතුණේ එකල විකල්ප පුවත්පත්වල පොල්ගෙඩි අකුරෙන් පළවීමත් සමගය. එවක සභාපති එම්. ඒ සුහේර් ය. මංගල කියන කියන විදියට නැටූ එම කාලයේදී රූපවාහිනීය සතු මිලකළ නොහැකි පුස්තකාල විඩියෝ දර්ශන තොග පිටින් එළියට යන්න පටන්ගත්තේය.
පසුව පැමිණියේ රාජපක්ෂ රජ සමයයි. එකල ජනමාධ්‍ය ඇමතිකම ගියේ වයඹටය. මූසෝ කොරියන් ජීප් රථයක් වයඹටම සින්නවී තිබුණි. ඇමති මැඩම් රියදුරු පුහුණුවට භාවිතා කළේ මේ රථයයි. රථය අනතුරට පත්වී කුඩුපට්ටම් විය. නැවත හැදුවේද සංස්ථා මුදලින්ය. මැඩම්ස්ට තිබූ ආදරය නිසාම පරිපාලනයෙන් කේස් එක යටම යැව්වේය.
ඊළඟට ඇමතිකම ගියේ නැවත මාතරටය. එකල පැවති මහ ගංවතුර ව්‍යසනයට රට වැසියන් ලක්ෂ ගණනින් රූපවාහිනී අරමුදලට ආධාර දෙන්නට විය. ඒ සදහා වෙනම ගිණුමක්ද ආරම්භ විය. එකල ඇමති උතුර දකුණ යාකරන්න කෝච්චි විගඩමක් ආරම්භ කළේ මේ වකවානුවේදිය. ගංවතුර අරමුදලෙන් ලක්ෂ 50ක් ඇද්දේ කෝච්චි දැන්වීම හදන්නටය. ඊළඟට ඇමතිකම ගියේ හෝමාගමටය. හොරකම් සිදුනොවුණද ඔය ඉතින් දවසට එකපාරක් හෝ ප්‍රවෘත්ති තුළින් මුහුණ පෙන්නලා, පුතාගේ සිංදු දවස ගාණේ දාලා, වැඩසටහන්වලට ගෙන්නුවාහම ඔක්කෝම හරි ගියේය. මේවා ඉතින් ඇතුළෙන්ම උදව් පදව් ඇතුව සිදුවූ දේවල්ය.
රූපවාහිනී භාර ඇමති වශයෙන් කප් පිට කප් ගැසුවේ කෙහෙළියම පමණය. කකුල් කඩාගන්න සම්බන්ධ වූ නිළියගේ මෙලෝ රහක් නැති ටෙලියක් විශාල මුදලක් ගෙවා මිලදී ගැනීම, මල්ලිව යොදා ටෙලිනාට්‍යවලින් හම්බුකිරීම, ලක්ෂයකට වැඩි වටිනාකමක් ඇති රූපවාහිනීයේ තිබූ කථණ රඳවනය නුවර තම දේශපාලන රැස්වීම්වලට ගෙනගොස් අන්ත්‍රස්දාන කිරිම මෙන්ම, මේ පත්තුවී තිබෙන රූපවාහිනී සේවකයින් තම පුද්ගලික වැඩවලට යොදවාගැනීම ඔහුගේ වැඩ අතර ප්‍රමුඛවේ.
දැන් අමාරුවේ වැටී ඉන්නේ උඩ ගෙඩි දුන් නිලධාරීන් ය. සමහර විට සභාපති මේ කිසිවක් දන්නෙත් නැතුව ඇතිය. මේ අන්දමට ජනමාධ්‍ය ඇමතිට අයත් ලේක්හවුස්, ගුවන්විදුලිය, සැලසිනේ, ITN, ආයතනවලත් පැරණි බක්කි ඇවුස්සුවා නම් තව ඕනේතරම් සොයාගත හැකිය. ඇමතිවරයා කියන දෙයක් නොකර ඉන්න සභාපතිවරයාට බැරිය. ඒ රස්සාව රැකගැනිමටය. හැබැයි රස්සාවට පයින් ගසා ගියේ එම්.ජේ.පෙරේරාය(එය පසුව ලියමි).
2018 යහපාලන සමයේදි සභාපති රවි ජයවර්ධනටද තනතුර දමා කොන්ද කෙළින් තියාගෙන යන්න වූයේද ඇමති මංගලට ඕනේ විදියට මඩ අනන්න සූදානම් නොවු නිසාය. සභාපති එක්කම මා හටද ප්‍රවෘත්ති අධ්‍යක්ෂකමින් යන්න වූයේද ඒ නිසාමය. හැබැයි වැඩිකල් නොගොස් මංගලටම යන්නට විය.
කොහොම වුණත් 1994 න් පසුව ඇමතිවරුන් ලෙස රූපවාහිනීයට හිසරදයක් නොවුණේ ධර්මසිරි සේනානායක, ඉමිතියාස් බාකිර්මාකර්, ගයන්ත කරුණාතිලක වැනි මනුෂ්‍යත්වය තිබුණු මනුස්සයින්ටම පමණය.
(ෂර්ලි අනිල් ද සිල්වාගේ FB පිටුවෙන් උපුටාගන්නා ලදී)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart