September 15, 2026

හංගේරියාවේ සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර, මෙරට ප්‍රමුඛ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට අයත් හෙල්ල හතරකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන අවසානයේදී එම හෙල්ලවලට හානි සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබේ.

“විසිකිරීම් 90 කට වඩා මම භාවිත කළ හෙල්ල තුනටම හානි වෙලා. ඒක ගුවන් සමාගමේ අතින් සිදුවූ වැරැද්දක් වෙන්න පුළුවන්, ඒත් සිද්ධ වුණු දේ සිද්ධ වුණා. ඒක ලොකු ගැටලුවක් කරගන්නේ නැතිව මම ඉදිරියට යනවා,” යනුවෙ ශ්‍රී ලංකාවේ දක්ෂ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පැවසීය.

මෙරට හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන රුමේෂ් තරංග, මෙලෙස දිවයිනට පැමිණෙමින් සිටියේ සිය වාර්තාගත ජයග්‍රහණයෙන් අනතුරුවය.

දක්ෂ ක්‍රීඩකයන් තරග සඳහා භාවිත කරන හෙල්ල යනු විශේෂිත තරගකාරී උපකරණ වන අතර, ඒවාට මෙලෙස හානි සිදුවීම ක්‍රීඩකයෙකුගේ පුහුණුවීම් මෙන්ම ඉදිරි තරග සූදානමට ද දැඩි බලපෑමක් එල්ල කළ හැකිය.