
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමත විචාරණයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ලබන සතියේ නිවේදනය කරනු ඇද්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර කුකුසක් හටගෙන තිබේ.
ඊට හේතුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ඉදිරි සතියේ අනිවාර්යයෙන් පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි විය යුතු බවට හදිසි පණිවිඩයක් ආණ්ඩු පක්ෂ සන්ධානය විසින් සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබිමයි.
ආණ්ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුවේ කෙටි පේළි තුනක පණිවිඩයක් මගින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.
එම මන්ත්‍රීවරයාට අනුව අයවැය ජනමත විචාරණයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් වැනි වැදගත් කාරණයක් සඳහා දැනුවත් කිරීමට මෙලෙස පේළි තුනක පණිවිඩයක් භාවිත කෙරේ.
මෙම නිවේදනය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම කාලය තුළ විදේශ ගතවීම තාවකාලිකව තහනම් කර ඇත.
යම් මන්ත්‍රීවරයකු අදාළ දැනුම් දීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතුවලට පැමිණීමට අපොහොසත් වන්නේ නම්, ඔවුන් නොපැමිණීමට හේතු ඉදිරිපත් කළ යුතුය.
මේ අතර, ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව මැයි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරෙන අතර, එදිනම ඡන්ද විමසීමක් ද පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂද යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය මැයි 07 වැනිදා ඩුබායි බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ සිකුරාදා(19) උදෑසන යළි දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart