
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු මුහුදේ දී ගිනිගැනීමකින් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 07 ක් නාවික හමුදාව බේරාගෙන තිබේ.
කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58 ක් පමණ (කිලෝ මීටර් 107 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ගිනි ගැනීමට ලක් වූ යාත්‍රාවක් සිටි පිරිසක් මෙලෙස බේරාගෙන ඇත.
ඊයේ සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, නිරුපද්‍රිතව මුදවාගත් මෙම ධීවරයන් හත්දෙනා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මඟින් අද ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
ධීවරයන් හත්දෙනෙකු රැගත් ‘රුහුණු කුමාරි 6’ නමැති බහුදින ධීවර යාත්‍රාව (IMUL-A-0738-CHW) වෙන්නප්පුව ප්‍රදේශයෙන් 2023 අගෝස්තු මස 08 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වී ඇත.
එම ගිනිගැනීම නිරීක්ෂණය කල ‘MT SAIQ’ නමැති වෙළඳ නෞකාව ආපදාව සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.
ඒ අනුව, එම දැනුම්දීමට වහා ක්‍රියාත්මක වූ කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ආපදාවට පත් යාත්‍රාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව කඩිනමින් ගිනිගැනීමට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරුණු අතර, ගජබාහු නෞකාව පැමිණෙන තෙක් ආපදාවට පත් යාත්‍රාවේ සිටින ධීවරයන් මුදවාගැනීම සඳහා ‘MV AFRICAN TURACO’ වෙළඳ නෞකාව යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart