
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලව සහ මරළුවාව ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන ඕනෑම අයකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය නිවේදනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාව දැඩි ලෙස ආරක්ෂා කරන බවයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ තීරණයට අනුව, පොලිස් ත්‍යාග අරමුදල හරහා මෙම ත්‍යාගය ප්රදානය කෙරේ.
වැල්ලව පොලිස් කොට්ඨාශය තුළ මරළුවාවේ වාසල මහල් නිවාසයේ පදිංචිකරුවකු 2024 දෙසැම්බර් 24 වන දින රාත්‍රියේ T56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කරන ලදී.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වැල්ලව පොලිසිය සහ කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබේ.
අපරාධය සම්බන්ධයෙන් අදාළ තොරතුරු පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී:
තොරතුරු ලබාදිය දුරකථන හැකි අංක :
📞 **071 – 8591244** – කොට්ඨාශ භාර නිලධාරී, කුරුණෑගල
📞 **071 – 8591882** – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart