
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
14 හැවිරිදි වැඩිමහල් පුත් ඩොස් සැන්ටොස් (ක්‍රිස්ටියානෝ ජූනියර්) පෘතුගාලයේ වයස අවුරුදු 15න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමට තෝරා ගැනීමෙන් රොනාල්ඩෝ උද්දාමයට පත්ව තිබේ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ‘පුතා මම ඔබ ගැන ආඩම්බර වෙනවා’ යනුවෙන් ලිවීය.
රොනාල්ඩෝ ඔහු සමඟ සිටින පුතාගේ ඡායාරූපයක් පළ කරමින් එම සටහන ලියා තිබේ. ක්‍රිස්ටියානෝ ජූනියර් දැනට ඔහුගේ පියා සමඟ සවුදි අරාබියේ සිටින අතර, අල් නසාර් පාපන්දු සමාජයේ කනිෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියි.
මේ මස 13 සිට 18 දක්වා ක්‍රොඒෂියාවේ පැවැත්වෙන යොවුන් පාපන්දු තරගාවලිය සඳහා රොනාල්ඩෝ ජූනියර් පෘතුගාල කණ්ඩායමට කැඳවා ඇති අතර, එහිදී ජපානය, ග්‍රීසිය සහ එංගලන්තය සමඟ තරග වදිනු ඇත.
ක්‍රිස්ටියානෝ ජූනියර්ගේ ජීවිතය ඔහුගේ පියාගේ වෘත්තීය ජීවිතයට සමාන්තරව ගමන් කරයි.
ඔහු රියල් මැඩ්රිඩ්, ජුවෙන්ටස්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ අල් නසාර් යන ක්‍රීඩාංගණවල පුහුණුව ලබා ඇත. වාර්තාවකට අනුව, ක්‍රිස්ටියානෝ ජූනියර් ජුවෙන්ටස් ඇකඩමියේ පුහුණුවීම්වලදී එක් වාරයක් තුළ ගෝල 58ක් ලබාගත්තේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart