August 13, 2023

අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානය පළමුවරට අල්-නසර් කණ්ඩායමට ජයග්‍රහණය කරදීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වෙයි.

38 හැවිරිදි වියේ පසුවුවද පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ගිවිසුම්ගතවීමට සාධාරණයක් ඉෂ්ඨ කරන ලද්දේ, එම ඓතිහාසික ජයග්‍රහණයකට අල්-නසර් කණ්ඩායමට ලබාදෙමිනි.

අවසන් තරගයේදි සුපිරි තරගකාරිත්වයක⁣ යෙදුණු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල දෙකක් රැස්කළේය.

අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලාන අවසන් තරගයේදි අල් හිලාල් කණ්ඩායමට එරෙහිව රැස්කළ එම ගෝල ද්විත්වය හමුවේ රොනාල්ඩෝ නියෝජනය කළ අල්-නසර් කණ්ඩායමට ගෝල දෙකට එකක් ලෙස අවසන් තරගයේ ජය හිමිවිය.

ඒ අනුව ශුරතාව ජයගත් අල්-නසර් කණ්ඩායමට ඩොලර් මිලියන 06ක් හිමිවිය.