
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් දෙපළක් වන රොහිත් ෂර්මා සහ විරාට් කෝලි අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියට සමුදීම ඊයේ සනිටුහන් කළහ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් 2024 T20 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් අනතුරුව කුසලාන ප්‍රදානය කරන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අන්තර්ජාතික T20 පිටියෙන් ඉවත් වන බව සියලු දෙනාට පසක් කර සිටියහ.
මහේන්ද්‍ර සිං දෝනිගෙන් පසු ඉන්දිය ලෝක කුසලාන ජයග්‍රහණ ඉඩෝරයට තිත තැබිමට රෝහිත් ෂර්මාට හැකිවීම පිළිබඳ විරාට් කෝලි වඩාත් සතුට ප්‍රකාශ කළේ මෙම ජයග්‍රහණය වඩා වැදගත් වූයේ රෝහිත් ෂර්මාට බව පවසමිනි.
කෙසේවෙතත් රෝහිත් සහ කෝලි තවදුරටත් එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ක්‍රිඩා කිරීමට නියමිතය.
අන්තර්ජාතික T20 සමුදීමට මෙය තරම් හොද අවස්ථාවක් නොමැති බව රෝහිත් පවසයි.
එංගලන්තයට එරෙහිව 2007 දි ඉන්දිය අන්තර්ජාතික T20 ජාතික කණ්ඩායමට පිවිසි තමන්ට මෙම ජයග්‍රහණය අවශ්‍යව තිබූ බවද රෝහිත් ෂර්මා එහිදි ප්‍රකාශ කර තිබේ.
37 හැවිරිදි රෝහිත් ෂර්මා අන්තර්ජාතික T20 පිටියේ තරග 159කට ක්‍රීඩා කර ඉනිම 151කදි ලකුණු 4231 රැස්කරගෙන තිබේ.
ඒ මේ වන විට පන්දුවාර විස්ස පිටියේ වැඩිම ලකුණු රැස්කර ගත් පිතිකරුවා වෙමිනි.
රෝහිත් එහිදී ෂර්මා අර්ධ ශතක 32ක් සහ ශතක 05ක් රැස්කර තිබේ.
2010 දි T20 පිටියට පිවිසි විරාට් කෝලි එහි දෙවැනි ස්ථානයේ සිටින්නේ තරග 125කදී ඉනිම 117ක් තුළ ලකුණු 4188ක් ලබා ගනිමිනි.
කෝලි එහිදි අර්ධ ශතක 38ක් සහ ශතකයක් වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart