
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුමන තත්ත්වයක යටතේ වුවද කිසිදු ප්‍රතිලාභයකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තනි නොකළ පර්සි අබේසේකර ලොව විශිෂ්ඨ දිරිගන්වන්නෙක් බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙි නායක රෝහිත් ෂර්මා පවසා තිබේ.
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුම්බායි හිදි අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී රෝහිත් ෂර්මා එම අගය කිරීම කළේය.
තමන්ට පළමුවරට පර්සි අබේසේකර 2008 වසරේ දී මුණ ගැසුනු බව සදහන් කළ රෝහිත් ෂර්මා පෙන්වා දුන්නේ කැපවීමෙන් අව්‍යාජව කණ්ඩායමක් දිරිගැන්වු ඔහු වැනි අයෙකු තමන්ට මුණ ගැසි නොමැති බවය.
ඒ අනුව ක්‍රිකට් ලෝකයේ අංක එකේ දිරිගන්වන්නා වන්නේ පර්සි අබේසේකර බවද ඉන්දීය නායක රෝහිත් ෂර්මා වැඩිදුරටත් එහිදි පැවසුවේය.
පර්සි අබේසේකරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ලෙදි සිදු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart